බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා

අශ්‍රම භූමියේ මැදින් ගලා ගිය පුංචි දිය පහරක් තිබුනා. කදු  මුදුනත සිට පහලට එනවිට හමුවන කුඩා කුඩා තැනිතලා පෙදෙසේදී අර දිය පහරෙහි වේගය මදක් අඩුවී නමුත් ගල්පර බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා.විශේෂයෙන් මුල් වසර තුලදී අසලවු විශාල ගල් පරයක සිට මේ දිය පහරේ හඬට සිත යොමුකිරීම කලබලකාරී මනසට ඔසුවක් උනා. දිගටම බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා කියවන්න

වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි…….

මනස සමාධිය කරා ගෙනියන විට ඔබ පසුකරන්නේ ඔබේ අතීතයයි. එයට එරෙහිවීම ඔබ ඔබට එරෙහිවීමයි. එයට එකගවීම ඔබ නැවත ආපසු පැමිනීමයි.ඇලීම් ගැටීම් වලින් තොරව ඉදිරියට යාම සූන්දර චාරිකාවක ඇරබුමයි. වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි……. දිගටම වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි……. කියවන්න

“ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා “

වරක් ආශ්‍රමයට ඇමරිකානු මහාචාර්ය වරයෙක් පැමිනියා. සොයාගැනීම් කිහිපයක් නිසා එතුමා විද්වතුන් අතරත් ගෞරවයට පාත්‍ර වුන කෙනෙක්. එතුමා පැමිනියේ දින හතක පමන කෙටිකාලයක නවාතැන් ගැනිමටයි.එතුමා බොහෝ විට දවසේ සමාලෝචන ‍රැස්වීමට පැමින හරිම ගැබුරු රසායනික සංයුතීන් ගැන භෞතික විද්‍යාත්මක නියමයන් ආදිය යොදාගනිමින් විශාල තර්ක විතර්ක යොදමින් බරපතල කතා පැවැත්තුවා. දවසක් තමාගේ දීර්ග පැහැදිලි කිරීමකින් අනතුරුව ඔහු ඇසුවා ,ස්වාමීන්වහන්ස මගේ බුද්ධදර්මය ගැන ඇති දැනීම ගැන ඔබවහන්සේ මොකද කියන්නේ … දිගටම “ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා “ කියවන්න

ලොකයේ පවතින සරලම ඇත්ත අපට පෙන්වාදුන්නු කෙනාලු බුදුරජානන් වහන්සේ

නායක ස්වාමීන් වහන්සේට අනූව ලොකයේ පවතින සරලම ඇත්ත අපට පෙන්වාදුන්නු කෙනාලු බුදුරජානන් වහන්සේ. කෙනෙකුගේ සිතේ මීලගට ඇතිවිය හැකි ගැටලුව තමා ඔයතරම් සරල නම් තේරුම් ගන්න මේතරම් අමාරු ඇයි කියන එක. උන්වහන්සේ කියන්නේ “ඔබේ මනසේ ස්වභාවය අර සරල සත්‍යයට වඩා දහස් සමහරවිට දස දහස් ගුනයකින් සංකීර්නයි. ඉතින් කොහොමද අරවගේ සරල දෙයක් තේරුම් ගන්නේ? ඕබට එය අසුනොවන්නේ ඔබ එය හසුකරගැනීමට එලන දැල සංකීර්න වැඩි නිසා.” කරුනා කර … දිගටම ලොකයේ පවතින සරලම ඇත්ත අපට පෙන්වාදුන්නු කෙනාලු බුදුරජානන් වහන්සේ කියවන්න

උන්වහන්සේ සියල්ලන්ටම ගෞරවකලා

නායක ස්වාමීන් වහන්සේ හා සමවයස් හා සමදැනුමැති ස්වාමීන්වහන්සේලා අඩුතරමින් දොලොස් නමක්වත් මෙහි වැඩසිටියා.මව වැටහුනු ආකාරයට අර ස්වාමීන් වහන්සේ නායකත්වය දැරීම පිලිබදව සමහරවිට ඔවුන්ගේ අනුකම්පාවට ලක්වුනා. තමන් මෙන් තමන්ගේ පාඩුවේ නොසිට අපවෙනුවෙන් වගකීමක් දරන්නට ඉදිරිපත් වීම ගැන විය යුතුයි. නායක ස්වාමීන් වහන්සේ තම කුසගින්න ගැන අවදානය යොමුකලේ කලතුරකින් හෝ මෙහි පිලිසකර කටයුත්තකට සහය වීමට එන ගම් වැසියකුවූවානම් ඔහුගේද කුසගිනි නිවන්නට කටයුතු යෙදීමෙන් පසුවයි. අනිත් අතින් සමාලෝචන … දිගටම උන්වහන්සේ සියල්ලන්ටම ගෞරවකලා කියවන්න

ආශ්‍රමය තුල කවදාවත් නිවන අරහත් රහත් නැතිනම් මාර්ගඵල වගේ වචන

ආශ්‍රමය තුල කවදාවත් නිවන අරහත් රහත් නැතිනම් මාර්ගඵල වගේ වචන භාවිතාවෙනවා මම කවරමදාවත් අහලා නැහැ. “තුනීවන මමත්වය ” වගේ සරල පැහැදිලි වචන තමා භාවිතා වුනේ.කොටින්ම කිව්වොත් පිටින් එන ආකෘතියක් නැතිනම් වචනයකින් හදුන්වන තත්වයක් තමා තුල සොයනවට වඩා නිදහසේ වැඩෙන සමාධිසිත සරලව පැහැදිලිකලා. අනෙකාගේ අධ්‍යත්මික ස්වභාවය මගේ පුරුදු පුහුනුකරගෙන යන අධ්‍යාත්මික ස්වභාවයට අනූව තේරුම් ගත්තා මිසක පිටතින් එන පිලිවලක ස්ථානගත කරන්නට උත්සාහා කලේ නැහැ. දිගටම ආශ්‍රමය තුල කවදාවත් නිවන අරහත් රහත් නැතිනම් මාර්ගඵල වගේ වචන කියවන්න

,”මම මෙහෙට එන්න ඉස්සර සුන්දරත්වය දැක්කේ ඒ දේවල්වල විශාලත්වයත් එක මානයක් කරගෙන කියලා දැන් මට සිතෙනවා

අප සමග වසරකට ආසන්න කාලයක් ගත කරපු ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියා ගැන තබන මේ සටනින් ඕට බෝ දේ වටහා ගන්නට ලැබෙයි කියලා සිටිනවා. එතුමා මේ ආශ්‍රමයට පැමිනියේ මට වඩා මාස තුනකට විතර පසුවයි නමුත් ඔහු පමිනි මුල්ම දිනයේ සිටම අප බොහෝ දේ කතකලා. මුල් මාසය තුල ඔහුට චිත්‍ර අදින්නට ඉඩ ලැබුනේ නැහැ. මාස හයක් පමන පසුවන විට ඔහු ඉතා දක්ශලෙස සමාධිය වැඩුවා විය යුතුයි. ඔහු … දිගටම ,”මම මෙහෙට එන්න ඉස්සර සුන්දරත්වය දැක්කේ ඒ දේවල්වල විශාලත්වයත් එක මානයක් කරගෙන කියලා දැන් මට සිතෙනවා කියවන්න

කරුනාකර ඔබ ඔබේ අභ්‍යන්තර චාරිකාව අරබන්න” මට ලැබුනු උපදෙසයි.

මම මුලින් මේ ආශ්‍රමයට පැමිනෙන කොට හිතේ තිබුන විශාල කුතුහලක් උනා දීර්ග කාලයක් එක දිගට ඒකාකාරී රටාවකට අනූව සිටින්නට මට හැකිවේද කියලා. පලමු සතිය දෙවන සතිය ගතවෙන කොට තරමක නොසන්සුන් කමක් නොදැනුනාම නොවේ. ඉන් අනතුරුව සමාලෝචන ‍රැස්වීමකදී මම මේ ගැටලුව ඉදිරිපත් කලේ.” කරුනාකර ඔබ ඔබේ අභ්‍යන්තර චාරිකාව අරබන්න” මට ලැබුනු උපදෙසයි. දිගටම කරුනාකර ඔබ ඔබේ අභ්‍යන්තර චාරිකාව අරබන්න” මට ලැබුනු උපදෙසයි. කියවන්න

ෆේස් බුක් භාවිතාකරන ඔබට 27 දින සිට …..

(“LOL is this you?)”ෆේස් බුක් භාවිතාකරන ඔබට 27 දින සිට චැට් පහසුකම තුලින් මෙවන් පනිවිඬයක් ලැබුනානම් බොහෝ විට එය ස්පැම් වර්ගයට අයත් ක්‍රියා කාරකමක් බව හදුනාගෙන තිබෙනවා. බොහොවිට ඉන් අනතුරුව ෆේස් බූක් වලම ඇති වීඩියෝ වකට සබදතාවයක් පෙන්වන බවත් එය තුලට පිවිසෙන්නට තැත් කරන විට “404” වර්ගයේ පනිවිඩයක් ලෙස එම වෙබ් සබදතාවය නොමැතිබව පවසන අතර ඒත් සමගම අඩුතරමින් ඔබේ එක් මිතුරෙකුට හෝ ස්පෑම් වර්ගයේ පනිවිඩයක් … දිගටම ෆේස් බුක් භාවිතාකරන ඔබට 27 දින සිට ….. කියවන්න

.” කොටින්ම මේ රටෙ දේශපාලන සිතියමේ මේ ආශ්‍රමය සටහන් වෙලා තියෙන්නේ රක්ශිත වනයක් හැටියට විතරලු”

නායකස්වාමීන්වහන්සේ මුදල් ගනුදෙනු කරනවා මම කිසිදිනක දැක නැහැ.භාරකාර මහතා උනත් මුදල් පරිහරනයක යෙදෙන බවක් නැතිනම් කාර්යාලයේ රිසිට් පොත්වැනි දේවල් මම කවදාවත් දකින්නට ලැබුනේ නැහැ. පසුකාලයකදී මෙහි වැඩසිටින ඔස්ට්‍රේලියානු හිමිනමකගෙන් මම මේ ගැන ප්‍රශ්නකලා.සිංගප්පූරුවේ වෙසෙන විශාල ධනවත් මහත්මයෙක්ගේ අනුග්‍රහයෙන් ලු මෙම ආයතනය පවත්වා ගෙන යන්නේ. රජයෙන් මිලදීගත් අක්කර දාහකට අසන්න ප්‍රමානයක් පුරා ආශ්‍රමයේ විවිධ කොටස් පිහිටලා තිබෙනවා.පහල කෙරවලේ මායිමට ආසන්න ගම්මාන වල අයට අවසර දීලා තියෙනවලු … දිගටම .” කොටින්ම මේ රටෙ දේශපාලන සිතියමේ මේ ආශ්‍රමය සටහන් වෙලා තියෙන්නේ රක්ශිත වනයක් හැටියට විතරලු” කියවන්න