නායකස්වාමීන්වහන්සේ මුදල් ගනුදෙනු කරනවා මම කිසිදිනක දැක නැහැ.භාරකාර මහතා උනත් මුදල් පරිහරනයක යෙදෙන බවක් නැතිනම් කාර්යාලයේ රිසිට් පොත්වැනි දේවල් මම කවදාවත් දකින්නට ලැබුනේ නැහැ. පසුකාලයකදී මෙහි වැඩසිටින ඔස්ට්‍රේලියානු හිමිනමකගෙන් මම මේ ගැන ප්‍රශ්නකලා.සිංගප්පූරුවේ වෙසෙන විශාල ධනවත් මහත්මයෙක්ගේ අනුග්‍රහයෙන් ලු මෙම ආයතනය පවත්වා ගෙන යන්නේ. රජයෙන් මිලදීගත් අක්කර දාහකට අසන්න ප්‍රමානයක් පුරා ආශ්රමයේ විවිධ කොටස් පිහිටලා තිබෙනවා.පහල කෙරවලේ මායිමට ආසන්න ගම්මාන වල අයට අවසර දීලා තියෙනවලු සීමිතාකාරයකට මෙහි වගා කරන්නත් සත්ව පාලනය කරගෙන යන්නත්. (සත්ව පාලනය කිව්වහ වරදවා තේරුම් ගන්න එපා , කිරි සදහා ගවයන් පාලනය පමනයි ඇති කරන්නේ.) ඔවුන් කැමැත්තෙන්ම තම උපයා ගන්නා දේවලින් කොටසක් ආශ්රමයට ලබා දෙනවලු. අනිත් අතින් මේ ආශ්‍රමය වටා සිටින සියලුම වගකිවයුතු අය සලකන්නේ අධ්‍යාත්මික දියුනුව ගැන මිසක විශාල ගොඩ නැගිලි අහස සිබින කොත් කැරලි ගැන නෙමෙයි ලු. කලක් සමාජ විද්‍යාව ගැන කථිකාචාර්ය කෙනෙක් ලෙස සේවය කර ඇතිනිසාදෝ අවසාන පැහැදිලි කිරීම සරල වාක්‍යකින් මෙහෙම කිව්වා.” කොටින්ම මේ රටෙ දේශපාලන සිතියමේ මේ ආශ්‍රමය සටහන් වෙලා තියෙන්නේ රක්ශිත වනයක් හැටියට විතරලු”.