ආශ්‍රමය තුල කවදාවත් නිවන අරහත් රහත් නැතිනම් මාර්ගඵල වගේ වචන භාවිතාවෙනවා මම කවරමදාවත් අහලා නැහැ. “තුනීවන මමත්වය ” වගේ සරල පැහැදිලි වචන තමා භාවිතා වුනේ.කොටින්ම කිව්වොත් පිටින් එන ආකෘතියක් නැතිනම් වචනයකින් හදුන්වන තත්වයක් තමා තුල සොයනවට වඩා නිදහසේ වැඩෙන සමාධිසිත සරලව පැහැදිලිකලා. අනෙකාගේ අධ්‍යත්මික ස්වභාවය මගේ පුරුදු පුහුනුකරගෙන යන අධ්‍යාත්මික ස්වභාවයට අනූව තේරුම් ගත්තා මිසක පිටතින් එන පිලිවලක ස්ථානගත කරන්නට උත්සාහා කලේ නැහැ.