අප සමග වසරකට ආසන්න කාලයක් ගත කරපු ප්රංශ ජාතික චිත්ර ශිල්පියා ගැන තබන මේ සටනින් ඕට බෝ දේ වටහා ගන්නට ලැබෙයි කියලා සිටිනවා. එතුමා මේ ආශ්රමයට පැමිනියේ මට වඩා මාස තුනකට විතර පසුවයි නමුත් ඔහු පමිනි මුල්ම දිනයේ සිටම අප බොහෝ දේ කතකලා. මුල් මාසය තුල ඔහුට චිත්ර අදින්නට ඉඩ ලැබුනේ නැහැ. මාස හයක් පමන පසුවන විට ඔහු ඉතා දක්ශලෙස සමාධිය වැඩුවා විය යුතුයි. ඔහු නිදහස් පුද්ගලයෙක් උනා. කදු මුදුනට වෙන්න අනෙක් කුටිවලින් තරමක් ඈතින් පිහිටි කුටියක් ඔහු තෝරා ගත්තා. මුලින්ම ඔහුගේ චිත්ර ඇදීම සදහා තෝරාගත්තේ අවටින් දර්ශනය වන කදු මුදුන් තැනිතලා විශාල රුක්ශ ආදියයි. තඩ වර්ණ වාගේම වර්ණ පරාසයත් බොහෝ විශාල උනා. නමුත් කාලයත් සමග (මම හිතන විදිහට) ඔහුගේ අධ්යයාත්මික දියුනුව චිත්රවල සටහන් වුනේ වෙනස් විදිහකට. කුඩා බීජයක් දලුලන හැටි.දිරා ගිය පත්රයක අපූරු හැඩතල වගේ සරල අඩු වර්ණ් පරාසයක් ඇති නමුත් ගැබුරු ගතියෙන් වැඩි චිත්ර ලෙසයි ඒ. ඔහු අපෙන් සමුගන්න්ට පෙර මට අවසානවරට මෙහෙම දෙයක් කිව්වා,”මම මෙහෙට එන්න ඉස්සර සුන්දරත්වය දැක්කේ ඒ දේවල්වල විශාලත්වයත් එක මානයක් කරගෙන කියලා දැන් මට සිතෙනවා”