නායක ස්වාමීන් වහන්සේ හා සමවයස් හා සමදැනුමැති ස්වාමීන්වහන්සේලා අඩුතරමින් දොලොස් නමක්වත් මෙහි වැඩසිටියා.මව වැටහුනු ආකාරයට අර ස්වාමීන් වහන්සේ නායකත්වය දැරීම පිලිබදව සමහරවිට ඔවුන්ගේ අනුකම්පාවට ලක්වුනා. තමන් මෙන් තමන්ගේ පාඩුවේ නොසිට අපවෙනුවෙන් වගකීමක් දරන්නට ඉදිරිපත් වීම ගැන විය යුතුයි. නායක ස්වාමීන් වහන්සේ තම කුසගින්න ගැන අවදානය යොමුකලේ කලතුරකින් හෝ මෙහි පිලිසකර කටයුත්තකට සහය වීමට එන ගම් වැසියකුවූවානම් ඔහුගේද කුසගිනි නිවන්නට කටයුතු යෙදීමෙන් පසුවයි. අනිත් අතින් සමාලෝචන රැස්වීම් වලදී කවරදාවත් ඔනැම ගැටලුවක් ඉදිරියේ තම නායකත්වයේ බලය පෙන්වන්නට උන්වහන්සේ පෙලබුනේ නැහැ. උන්වහන්සේ සියල්ලන්ටම ගෞරවකලා.