වසර ගනනාවකට වරක් ආශ්රමයේ නෙවාසිකයන්ට ලැබෙන අපූරු අපූරු අත්දැකීමකට සහභාගීවන්නට අවස්තාවක් ලැබුනා. ඒ තමයි ප්රධාන ස්වාමීන්වහන්සේ අතුලු ස්වමීන් වහන්සේලා පිරිසක් සමග හොද කායික තත්වයක් ඇති නිදහස් අය හා පහල ග්රාමයේ වෙසෙන ආශ්රමය හා දැඩි සබදතාවයක් ඇති කිහිප දෙනෙකු සහභාගීවන දීර්ග චාරිකාව.
කදුපන්තියේ දකුනු දෙසට වන්නට කදුමුදුනත් දිගේ දිවෙන අතුරුමාවතක් ඔස්සේ දින තුනක හෝ හතරක පාගමනකින් ගොස් මෙම ආශ්රමයේ කාලයක් වැඩ සිට මීටවසර විසිගනනකට පෙර තම කදුකර ගම්මානයට වැඩම කොට කුඩාආශ්රමයක් පිහිටුවාගත් ස්වාමීන් වහන්සේ කෙනෙකු බැහැදැකීමට යන අපූරු චාරිකාව. කදුකරයේ සුන්දරත්වය වගේම වරක අනතුරුදායක අවස්තා ඉතාකල්පනාවෙන් මග හරිමින් යන, මනසට අපූරු නැවුම් බවක් එක්කරන චාරිකාවක් උනා ඒ ගමන.අප යන මාවත හරහා ඇදෙන සතෙකු සර්පයෙකු දුටුවිට නිශ්සබ්දව සිටිමින් ඔවුන්ගේ ජීවන රටාවට අපෙන් වන බිදක හෝ බාදක මග හැරීම මූලික ප්රතිපත්තියක් වූවා.