කලාතුරකින් ආශ්රමයට චෝදනා නොනැනගෙනවාම නොවෙයි. මෙහි පවත්වාගෙන යන සරල සැබෑ දහම වැටහෙන්නට එක්තරා මට්ටමක මානසික ස්වභාවයක් අත්‍යාවශ්‍යමයි. අන් අයට මෙය වැටහෙන්නේ මහා හිස් අවකාශයක්ලෙස උවත් තවත් අයකුට වෛරය උපදවන සුලුවන්නට ඉඩ නැතුවාම නොවෙයි.කලකට ඉහතදී තායිලන්ත්යේ ආරාමයක විසූ කට රුව ඇති නමුත් මනස නැති මෙහෙනින් වහන්සේ නමක් දරුනු ලෙස මෙහි ක්‍රියා පිලිවෙත හෙලාදකින්නට පටන්ගත්තා. බයිබලය තුල බුදු දහම සොයන ස්වභාවයක් ඇති විකෘති දහමක් පතුරවමින් ඇය කාලන්තරයක් තිස්සේ අපවාද නැගූමුත් නායක ස්වාමීන් වහන්සේ දුන් එකම පිලිතුර මදසිනාව පමනයි.