ඔබේ මනසේ විවිද තලවලට ඔබට එබී බලන්නට හැකි වුවහොත් ඔබ පුදුමයට පත්වෙනබව මම හොදින්ම දන්නා දෙයක්. සමහර විට නෙක ඇතුම් පැලදුම් අදිමින් විවිද සංකේත ඒවාට අමුනමින් හා සමාජයෙන් ගරුබුහුමන් විදිමින් සිටින ඔබත්, ඇත්තෙන්ම මේ සියල්ල තුල සැගවී ඇති ඇත්තම ඔබත් අතර කොයිතරම් වෙනසක් ඇතිද?? නැතිනම් මේ සියල්ල රැක ගැනීම සදහා ඔබ දරන වෙහෙස කොපමනද?? ආදීවු සරල කාරනා වලසිට ඔබගේ අභ්‍යන්තරයට පිවිසෙන විට ඔබ සිහිනෙන්වත් නොසිතූ සිතුවිලි හැගීම් ඔබ තුල මොන තරම් තම අනසක පතුරවාගෙන සිටිත් දැයි දැන ගැනීමට හැකිවනු ඇත.