ආශ්රමයේ වසන ඇත්තෙකු තම ගම් බිම් බලා ගොස් ආපසු එනවිට දවසක් හෝ දෙකක් පහල ඇති අමුත්තන්ගේ ශාලාවේ සිටිය යුතු බව මෙහි නීතියකි. නැවත ඔබේ අධ්‍යාත්මය පෙර තලයට සුසර කර ගන්න. නගරයේ බොහෝ වැදගත් දේ තිබුනත්, වැඩිහරියක් ඇත්තේ කුනු කසල බව අමතක නොකරන්න. නැවත පැමිනියෙකු ලොකු ස්වාමීන් වහන්සේ හමුවන පලමු අවස්තාවේදීම බොහෝ විට ලැබෙන අවවාදයකි මෙය.