දින අටක් තිස්සේ පැවති ලෝක අධ්‍යාත්මික සමුලුවකට ආශ්‍රමය නියෝජනය කරමින් සහභාගීවන්නට ලැබුනු අවස්තාව හරිම අපූරු අත්දැකීමක් වූවා.ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු අප පස් දෙනෙක් අප ආශ්‍රමය නියෝජනය කරමින් අප භාවනාව ඇසුරින් ලත් අත්දැකීම් ලොකයේ විවිද තැන් වලින් පැමින් සිටි විද්වතුන් හමුවේ හොද සංයමයකින් යුතුව ඉදිරිපත් කලා. බොහෝ යුරෝපීය රටවල්වල අවදිවෙමින් පවතින අධ්‍යාත්මික නැබුරුව ගැන බොහෝ සෙයින් කතා බහ කෙරුනා. ඉන්දියාවෙන් පැමින සිටි යෝගීවරුන් කල පැහැදිලි කිරීම් කාගෙත් සිත් ගන්නා බවක් පලවුනා.