තවදුරටත් ඔබට ඔබේ ජංගම දුරකතනය තුලින් ලිඛිත පණිවිඩයක් යැවීම සදහා ඔබේ ඇගිලිතුඩු අනිවාර්ය නොවන බව පමනක් නොව ඔබට ලැබෙන ලිඛිත පණිවිඩයක් කියවීමට දුරකතනයේ තිරය මතට යොමුකිරීම වුවමනාම නොවන බව කියවෙන පුවතක් පලවුනා. තවදුරටත් පැවසුනේ මෙම අලුත්ම ජංගමදුරකතන සදහාම නිපදවාඇති මෘදුකාංගය නිසා ,ඔබට යැවීමට ඇති පනිවිඩය වාචිකව දුරකතනයට යොමු කලවිට එය විසින් ස්වංක්රීයව එම පනිවිඩය ලිඛිත බවට හරවාගන්නා අතර ලබන්නටත් එම පනිවිඩය යලිත් වාචික පනිවිඩයක් බවට පහසුවෙන් හරවාගත හැකිවන බවයි. තවමත් අත්හදා බැලීමේ අවසාන අදියරක සාර්තකව මෙම මෘදුකාංගය පවතින බව අවසාන වශයෙන් සදහන් වුනා