රැස්කිරීමේ සතුට මහත්සේ දන්නා ඔබ අත්හැරීමේ සතුට නොදන්නවා විය හැකියි. ඈත වන්නාතරයෙන් මතුව මදකලක් අප සමග සිට නැවත වනාන්තරය තුල සැගවයන්නා වූ ඔවුන් අපට හැගෙන්නේ දෙව්ලොවින් පැමින මද කලක් මේ පින් බිමෙහි සරා නැවත දෙව්ලොව කරා සැගවයන්නාවූ උත්තමයන් පරිද්දෙනි. තමන්ට වඩා ඉතා බාලවියේ වුවත් ලොකුස්වාමීන් වහන්සේ ඉතා ගෞරවයෙන් ඔවුන්ට දන් පවා පිලිගන්න්වයි. අප පුරුදු පුහුනු කල දහම අප අතර පරතරය මනින එකම මිනුම වී ඇති සේය.සමහර විටක කදුකරයේ සිල් ඇත්තන් වැඩම කර ඇතිබව දැන ගත්තද පහල ගම් වාසීන් ” මගේ අනාගත දැන ගන්න්ට,නැතිනම් කසාද බදින්නේ කවදාද” දැනගන්නට වැනි හිස් ගැටලු සමග මෙහි නොයෙන්නේ කලාන්තරයක් තිස්සේ ඔවුන් කරාද ආශ්රමයෙන් ගලා ගිය දහම් දැනුමෙන් පෝෂිත නිසා යැයි මම වස්වාස කරමි.