මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී.