ප්රධාන පෙලේ සමාජ ජාලා වලට භාවිතා කරන්නන්ගේ දත්ත වෙලද උවමනාවන් සදහා පිටස්තර ආයතනවලට ලබා දෙන බවට වන චෝදනා කිරීම් අතරට අලුතින් එක්වී ඇත්තේ මයි ස්පේස් සමාජ ජලාවයි. ඔවුන් පවසන්නේ දෙවන පාර්ශව වලින් ලබා ගන්නා මෘදුකාංග ක්රියා කාරකම් සමග මෙම තත්වය ඇති වී ඇති බවයි. මෙම අලුත්ම තත්වය උද්ගතකල “ඇඩ් මී” මෘදුකාංග ක්රියා කාරීකම තාවකලිකව තම අඩවියෙන් ඉවත් කල බව ඔවුන් පවසනවා.