ඇඩොබේ කියවනය ඉලක්ක කරගත් ට්‍රොජන් වර්ගයේ අලුත් අහිත කර මෘදුකාංගයක් සොයාගත් බව අද නිවේදනය කෙරුනා. සියලුම වර්ගයේ මෙහෙයුම් පද්දති සදහා මෙම පහරදීම අදාල විය හැකි බවයි ඔවුන් පැවසුවේ. වැඩිදුරටත් පහැදිලි කරමින් ඔවුන් පැවසුවේ පීඩීඑෆ් පයිලයක් ලෙස මුදා හැර ඇති මෙම මෘදුකාංගය අඩොබි කිය වනය හරහා ප්ලැෂ් ප්ලේයරයට හානි පමුනවන බවයි. වැඩිදුරටත් සටහන් උනේ සති දෙකක් තුල මේ සදහා පිලිසකර යාවත්කාලීන යන් නිකුත් කිරීමට බලා පොරොත්තු වන බවයි.