අන්තර්ජාලය තුල ඔබව අපහසුවට පත්කරවන අවස්තා ගැන පලවී තිබුනා. මින් පලමු වැන්න ලෙස සටහන්ව ඇත්තේ ඔබව බාගත කිරීමක් සදහා පොලබවනලද සබදතාවය වෙනුවට ඇත්තටම ක්රියාත්මක වෙනුයේ වෙනත් සබදතාවයක් වීමය. බොහෝ දුරට මෙය වෙලද දැන්වීමකට අදාල දෙයක් වීමට ඉඩ ඇති බවයි. සරලව පැවසුවහොත් බොහෝ විට "පිටකොටුවේ පේමන්ට් එකෙන් යමක් මිලදී ගන්නා විට මුහුන දෙන අනතුරු දායක තත්වය" සිහි කරවන සුලුය. වැරදීමට නැතිනම් වරද්දාගැනීමට ඇති ඉඩ කඩ බොහෝය.
ඔබ වෙබ් පිටුවකට පිවිසෙන විට ඔබ නොදැනුවත්වම ඔබගේ පරිගණකය තුලට පිවිසෙන මෘදුකාංගමය අමුත්තන් පිරිසක්ද ඇති බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. "කුකීස්" නමින් හදුන්වන ඔවුන් සමහර විට අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම හදාරන කොටසක් වෙමින් ඔබගේ රුචි අරුචිකම් අදාල පාර්ශවයට යවන ඔත්තුකරුවන් ලෙසින් හැසිරෙන්නට පටන් ගන්නවා විය හැකියි.