ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 හා7 වල වු දුර්වලතාවයක් ඉලක්ක කොට මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල පිලිසකර යාවත්කාලීනය විසින් අදාල කාර්ය හොදින් අවසන් කරන්නට අසමත්වී ඇති බවයි පැවසෙන්නේ. ඔබ වෙත එවන ලබන ඊමේල් ලිපියක සබදතාවයක් අවදිකරවන්නට සලස්වා ඒ ඔස්සේ ඔබේ භාවිත වෙබ් බ්‍රවුසරයේ සංස්කරනය හදුනා ගෙන ඒ අනුව ඔබ පරිගනකය වියාජ වෙබ් අඩවිවෙත හරවා යවමින්, පරිගණක ගත කරනු ලබන හානිකර මෘදුකාංග මගින් ඔබේ පරිගණකය සියතට ගැනීම මෙම පහරදෙන්නන්ගේ ක්‍රමවේදය බව සටහන්ව තිබුනා.