වර්තමාන ලොකයේ මිතුරන් ගැන කතාකරන විට ෆේස් බුක් යනු අමතක කල නොහැකි යතාර්තයකි. සමහර විට ඔබේ සමීපතම මිතුරාත් මේ වනවිට වැඩිපුරම ඔබට හමුවෙන්නේ ෆේස් බුක් ගිනුමක් හරහා විය හැකියි. නමුත් ඔබට මිතුරන් දහස් ගනනක් සිටීම සංක්‍යාත්මක සතුටක් හැරෙන්නට වෙන යම් කිසිවක් ලෙස ඔබට අර්ත දැක්විය හැකිද? අනිත් අතින් වන හානීන් ලෙස 1) සමාජ දූෂකයෙකුට යම් ප්‍රමානයක හෝ ඔබේ දත්ත විවරකිරීම තුලින් ඔබටත් ඔබේ සැබෑ මිතුරන්ටත් විය හැකි හානිකර තත්වයන් ගැන ඔබ දැනුවත්ද? 2) සංක්‍යාත්මකව විශාලවිම නිසා වන ප්‍රමාදවීම්, වෙබ් පිටුවට ලොග් වීමේ සිට ඔබ එයින් බැහැර වීම දක්වාම ඔබට කරදර කරන බව ඔබ දැනුවත්ද? මේ අනවශ්‍ය තදබදය ඉවත් කරගන්නට ඔබ කැමතිද?