අන්තර්ජාල මෘදුකාංග ආරක්ශන පද්දති අතර ප්‍රමුක පෙලේ ආයතනයක් වන "බිට් ඩිපෙන්ඩර්" ආයතනය පසුගිය දිනක නිවේදනය කර සිටියේ ට්‍රෝජන් වර්ගයේ නවතම පහරදෙන්නෙකු සොයා ගත් බවයි. පරිගනකයේ මෙහෙයුම් පද්දතියේ සිස්ටම් 32හි .ඩෙල් උපාංගය යටතේ ස්තාවර වීමට අවස්තාවක් ලැබුන හොත් එතැන් සිට ක්‍රම කිහිපයකින් පරිගනකයට පහරදීමට මෙම නවතම පහරදෙන්නා කටයුතු කරන බවටයි කියවෙන්නේ. තවත් හානිකර මෘදුකාංග වලට පරිගනකයේ දොරටු විවර කර දෙන්නෙකු ලෙසත්, පරිගනකයේ ඇති ඔබේ පෞද්ගලික තොරතුරු පිටතට ලබාදෙන්නෙකු ලෙසත් හැසිරෙන්නෙකු ලෙස ඔවුන් මෙම මෘදුකාංගය හදුන්වා දී තිබුනා.