අඩොබේහි පීඩීඑෆ් කියවනයේ හදුනාගෙන තිබූ ප්‍රධාන පෙලේ දුර්වලතා දෙකක් සදහා පිලිසකර යාවත්කාලීයන් නිකුත් කල බවකියවෙනවා. මින් පලමුවැන්න ඔස්සේ යමෙක් ඔබේ පරිගනකය ආක්රමනය කරන්නට සමත් වුනහොත් ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් ඔබේ පරිගනකයට ඇතුලු කරමින් ඔබව අවුලකට පත් කරන්නට ඉතා පහසුවෙන් හැකි වෙන බවයි වැඩිදුරටත් පැවසුනේ. පහුගිය දිනවල ඇඩෝබි ආයතනයේ යාවත්කාලීනයන් නිකුත්කිරීමේ ප්‍රමාදයන් ගැනත් මත පලවී තිබුනා.