මයික්‍රොසොෆ්ට් ආයතනය තම ඔෆ්ෆිස් 2010 සදහා ප්‍රතම යාවත් කාලීන ගොනුව (සර්විස් පැක්1) තම තෝරගත් පිරිසක් වෙත බීටා මට්ටමින් නිකුත්කල බව වාර්තා වෙනවා. වැඩිදුරටත් කියවෙන්නේ මේ තුල අලුතින් යමක් අඩංගු නැති බවත් පසුගිය කාලය තුල වරින් වර නිකුත්වු යාවත්කාලීනයන්ගේ එකතුවක් පමනක් අඩංගු වන බවයි.වැඩිදුරටත් සටහන් වෙන්නේ පසුගිය ජූනි මාසයේ සිට මේ වනවිට මිලියන හයක අලවියක් වාර්තාවී ඇති බවයි. අමතරව සටහන් වෙනවා වින්ඩෝස් 7 සදහා ප්‍රතම යාවත්කාලීන ගොනුව ලබන වසරේ මුල් භාගයේ නිකුත් කරන්නට බලාපොරොත්තු වන බව.