ප්රකාශන හෝ නිෂ්පාදන අයිතීන් නොසලකා හරිමින් අන්තර්ජාලය තුල දත්තගොනු බෙදා හරින හෝ බෙදාහරින්නට පහසුකම් සලසන වෙබ් අඩවි වලට එරෙහිව ඇමරිකානු අධිකරනය අවදානය යොමුවී ඇතිබවක් පලවෙනවා. ප්රකට "ටොරන්ට්" වර්ගයේ වෙබ් අඩවි කිහිපයකට පිවිසෙන්නට උත්සාහා කරන්නන්ට අද වන විට දක්නට ලැබෙන්නේ එරට නීති ආයතනයක් විසින් නිකුත්කරන ලද නීතිමය ලියවිල්ලක ඊ-අනුරුවක් පමනක් බවයි කියවෙන්නේ. ඉහතකී තත්වයට ගොදුරුවූ වෙබ් අඩවියක හිමිකරුවෙකු අද පවසා සිටියේ තම වෙග්බ් අඩවිය තහනමට ලක්කර ඇත්තේ පෙර කිසිදු දැනුම් දීමකින් තොරව බවයි.