අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද….

අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද තව මොහොතකින් ඈත කදුමුදුනතින් අතුරුදහන් වනු ඇත. ගස්වැල් සතුන් සියල්ලෝම අදුරතුල හුදාකලා වෙමින් යයි.අවසාන මොහොතේ තම කැදලි සොයා පියාබායන්නෙකු ඉදහිටක දකිනවා හැරෙන්නට සියල්ල ගල්ගැසී අදුරතුල දියවී යන්නාක් වැනියැයි සිතුවිල්ලක් සිත තුල ඇදේ. ඇල්බෙයා කැමූ වැනි අපූරු මිනිසුන්ගේ සුන්දර වචන කැටතිවල සිත පටලා ගෙන ජීවිතය සෙයූ යුගය නැවත මතකයට ගොඩවෙයි.ඒසුන්දර නාට්‍ය දෙබස් අතර සැගවගත් ජිවිත නිර්වචන සොයමින් … දිගටම අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද…. කියවන්න

දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත

දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත. කරුනාකර මෙහි උත්සසවයක් ඇති බව පිලිගන්නයැයි බලකෙරෙන විසිතුරු කොඩිවැල් එල්ලා නොමැත.ඝන මීදුම් පටල විනිවිද යමින් ඈත කදුනිම් වලලු තෙක් ඇදෙන පිරිත් හඩනම් දිවා රාත්‍රි වෙනසක් නොමැතිව ආශ්‍රමයෙන් විහිදෙයි.  කදුපාමුල ගම්වැසියන්ට ප්‍රධාන කරගත් සියලු ජීවීන් වෙත නව වසරට ආසිරිපතමින් වසරකට වරක් නොකඩවා දින හතක් තිස්සේ  පවත්වන සරලමුත් අපූරු වාර්ශික  දහම් කටයුත්ත සුපුරුදු ලෙස මෙවරද ඇරබී … දිගටම දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත කියවන්න

ප්‍රධාන නළුවාව ගල්රෝලකකට යටකොට හදිස්සි අනතුරක් හරහා මරා දැම්මාය

ප්‍රධාන නළුවාවු වසන්ත දුන් පිලිතුරින් මෙගා නාට්‍ය අධ්‍යක්ශකතුමාට මල පැන්නේය. වහා රචක මහතාට කෝල් එකක් ගත්තේය. මචන් අරු ජගතය මට ලොකු ටෝක් එකක් දුන්නා, හෙටම ඔකා මරලදාපන්. අනික මචං අරකි නීලමනීනං ටිකක් මත් එක්ක ශේප් වගේ වැඩේකරගන්නකන් හෙටම ඒකිව අප් කරලදාපං හරිද. පසුවදා පැය භාගය අපූරු අත්දැකීමක් තම ප්‍රක්ෂකයන්ට ‍රැගෙන ආවාය. මීට පෙරදී සුලුචරිතයක්වූ, ඉදහිට ප්‍රධාන නලුවා ගොඩවදින රෙදි සාප්පුවේ සේවිකාවක්වූ නීලමනීව ප්‍රධාන නළුවාට කසාද … දිගටම ප්‍රධාන නළුවාව ගල්රෝලකකට යටකොට හදිස්සි අනතුරක් හරහා මරා දැම්මාය කියවන්න

පරිගණකයක් නැවත පනගැන්වීමේදී………

පරිගණකයක් නැවත පනගැන්වීමේදී තප්පර පහලොවක අනිවාර්ය විරාමයක් ලබාදියයුතු බවට භාවිතා කරන්නන් අතර ඇති මතය ගැන මතයක් සටහන් කරන විද්වතෙකු පවසන්නේ තප්පර පහලොවක පරතරය හොද පුරුද්දක්මුත් අනිවාර්ය තාක්ෂනික උවමනාවක් නොවන බවයි.වැඩිදුරටත්  සටහන් කර ඇත්තේ තප්පර පහක  පරතරය සෑහෙන බවයි. ඩිජිටල් මාධ්‍යක රදවන දත්තයන් ඇනලොග් මාධ්‍යයක රදවන ලද  දත්වයන්ට වඩා සුරක්ශිතයැයි හගවන මතය නිවැරදි නොවන බවටත් මතයක් පලවෙනවා. කුඩා කාල පරතරයක් සදහා ඔබ පරිගනකයෙන් ඉවත්වයන විට පරිගණකය … දිගටම පරිගණකයක් නැවත පනගැන්වීමේදී……… කියවන්න

මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2007 සදහා පසුගිය 14 නිකුත්කල යාවත්කාලීනයේ

මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2007 සදහා පසුගිය 14 නිකුත්කල යාවත්කාලීනයේ ගැටලුකාරීබවක් හදුනාගත් බවත්, ඒ අනූව අදාල යාවත්කාලීනය ඉවත්කල බවත් සදහන් කරමින් නිවේදනයක් නිකුත් වු අතර සිදුවූ අපහසුතාවය ගැන තම කනගා‍ටුවද පල කලා. දිගටම මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2007 සදහා පසුගිය 14 නිකුත්කල යාවත්කාලීනයේ කියවන්න

ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක බලශක්ති හානියක් කරන්නට

බ්‍රිතාන්‍ය සමීක්ෂනයකට අනූව පැවසෙන්නේ සූදානම්තත්වයේ (ස්ටෑන්ඩ් බයි) තබන පරිගනක විසින් නත්තල් නිවාඩුව නිසා දින දහයක් සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක  බලශක්ති හානියක් කරන්නට සමත්වන බවයි. කරුනාකර නත්තල් නිවාඩුවසදහා කාර්යාලයෙන් පිටවයන ඔබ ඔබේ පරිගණකය සම්පූර්නයෙන්ක්‍රියාවිරහිතකරන්නට වගබලා ගන්න යැයි ඉල්ලීමක් කර තිබෙනවා. තවදුරටත් කියවෙන්නේ මෙසේ අඩපන කරන ලද පරිගණක මෙන්ම ප්‍රින්ටර්ස් හා ඡායාපිටපත් යන්ත්‍ර වැනි උපකරන විසින් නතල් නිවාඩුව කාලයතුලදී කාබන් ඩයොක්සයිඩ් ටොන් 8,973 මුදාහරින්නට සමත් වන … දිගටම ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක බලශක්ති හානියක් කරන්නට කියවන්න