දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත

දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත. කරුනාකර මෙහි උත්සසවයක් ඇති බව පිලිගන්නයැයි බලකෙරෙන විසිතුරු කොඩිවැල් එල්ලා නොමැත.ඝන මීදුම් පටල විනිවිද යමින් ඈත කදුනිම් වලලු තෙක් ඇදෙන පිරිත් හඩනම් දිවා රාත්‍රි වෙනසක් නොමැතිව ආශ්‍රමයෙන් විහිදෙයි.  කදුපාමුල ගම්වැසියන්ට ප්‍රධාන කරගත් සියලු ජීවීන් වෙත නව වසරට ආසිරිපතමින් වසරකට වරක් නොකඩවා දින හතක් තිස්සේ  පවත්වන සරලමුත් අපූරු වාර්ශික  දහම් කටයුත්ත සුපුරුදු ලෙස මෙවරද ඇරබී ඇත. ගම් වැසියන් නව වසර වෙනුවෙන් ධාන්‍ය ආදී නෙක දේ පහල පිහිටි ආශ්‍රමයේ ගබඩාව වෙත ‍රැගෙන එයි. සියලු දොරවල් විවෘතකොට ඇති නිසා අඩු වැඩිය ගම් වාසීන්ටම තේරුම් ගත හැක. යම් හේතුවක් නිසා මේ වසරේ අසාර්තකවූ ගම් මහතෙකුට  මෙතැනින් තමන්ගේ පැවැත්ම සදහා ධන ධාණ්‍ය ‍රැගෙන යාමට තහනමක්ද නැත. ඔබට පිලිගත නොහැකියයි කීමට අවසි නැත.එය මම පිලිගනිමි. නමුත් මෙහි ඒ සියල්ල ඇත්තෙන්ම සිදුවෙයි. අතිනවීන තාක්ෂනය විසින් තම වටපිටාව සුරපුරක් කර ඇතැයි විස්වාසකැරන බොහෝ සමාජවල ඇත්තන්ට තව සියවස් දෙක තුනකදීවත් ලගා විය නොහැකි තරමේ අපූරු සජීවී යහපත් සමාජයක් මම සියසින්ම දැක ගනිමින් සිටිමි. මෝස්තරයක් හෝ කැපී පෙනීමේ ආභරනයක්ලෙස භාවිතා නොවන දහම කාලාන්තරයක් තිස්සේ ගම්මුන් හික්මවා ඇති අයුරු එලසය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )