ඩොලර් බිලියනක 50 තක්සේරු වටිනා කමක් හිමිකරගෙන සිටින ෆේස්බුක් ආයතනය මාර්තුමස 15 වන විට වසාදමන්නට තීර්නය කර ඇතිබවට, එම ආයතනයේම ප්‍රධානියෙකු අදහස් පලකර ඇති බවට අන්තර්ජලය තුලම පලවී තිබූ වාර්ථාව සත්‍යයක් නොවන බවට ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඉහත පුවත ගැන වැඩිදුරටත් සටහන් කරන්නේ මෙම පුවතත් 2011දී පිටසක්වලින් පෘතුවිය වෙත ප්‍රහාරයක් එල්ල වනුඇතැයි පලවූ පුවත ආකාරයේ පුවතක් බවයි. කෙසේ නමුත් මෙහි මුල් පුවත පදනම් කරගෙන තිබුනේ ෆේස්බුක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රාකාශයක් ඇසුරෙන් බවත් එහි වැඩිදුරටත් සටහන්වතිබුනා.