පෝස්ටර් යුද්ධය ගැන නෙක පුවත් මතුවෙමින් ඇත. කෙසේ වෙතත් පෝස්ටර් ගසන්නන් හැම විටකම වැරදි කරනවායැයි සිතිය නොහැක. ඔවුන් දැන හෝ නොදැන ඉදහිටක සමහර දේශපාලකයිට වඩාත් ගැලපෙන තැන්වල ඔවුන්ගේ මුහුනත් සහිත පෝස්ටර් අලවා තිබෙනු සමහර විට ඔබත් දකින්නට ඇත. කනත්තේ තාප්පය මත කිහිපදෙනෙකුම පෝස්ටර් ස්වරූපයෙන් සිටී. තව කිහිපදෙනෙක් ගවඝාතනාගාරයේ බිත්තිය මත ඉහලින්ම ගසා තිබෙනු දැකිය හැකිය.