වින්ඩෝස් වල මීලග සංස්කරනය ගැන නොයකුත් කට කථා පැතිර යාම ආරම්භවී ඇති බවට පැවසෙනවා. දැනටමත් පරිගනක නිෂ්පාදකයින් වෙත යම් යම් ආකාරයේ අත්හදා බැලීමේ සංස්කරන ලබා දෙමින් පවතින බවයි කියවෙන්නේ. ත්‍රිමාන ගතියෙන් අනූන මෙන්ම, භාවිතා කරන්නා සමග වඩාත් අලුත් හා පහසු ගනු දෙනු කවුලු(ඉන්ටර්පේස්) මෙන් ම ක්ෂනික නිදිගැන්වීමේ හැකියාව අතින් වඩාත් දියුනු තත්වයන් මේවා තුල අත්හදා බලමින් පවතින බවයි කියවෙන්නේ. තවත් තොරතුරකට අනූව වින්ඩෝස් 8 වල බීටා සංස්කරනය සැප්තැම්බර් වල මුදා හරින්නට මයික්‍රොසොෆ්ට් ආයතන කටයුතු කරමින් සිටින බවක් පලවෙනවා.