ජීමේල් සේවාව මුලින්ම හදුන්වා දුන්නේද 2004 අප්‍රේල් පලමු වෙනිදාය. කෙසේ නමුත් ගූගල් ආයතනය දැනට වාර්ෂික සම්ප්රදායක් කරගෙන ඇති වාර්ශික “විහිලුව” මුලින්ම ආරම්භ කර ඇත්තේ 2000 වසරේ සිටය. මේ වසරේ සිය අලුත්ම එලිදැක්වීම වී ඇත්තේ ජීමේල් සේවාවට චලන ප්‍රතිචාර සංස්කරනයක් එක්කර ඇති බව පැවසීමයි. කරුනු එසේ වූවද මෙම හදුන්වා දීම පරිගණක ලෝකයේ මීලග පියවරක් වන බවට වින්ඩෝස් හි මීලග සංස්කරනය ගැන පලවන මතවාද හැදැරීමෙන් වටහා ගත හැක. කෙසේ නමුත් මෙම අත්දැකීමට පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටද අත්විදින්නට හැකි වනු ඇත.