සමහර අයට අනූව ෆේස්බූක් හෝ ටුවිටර් අඩවියනු කාලය නාස්ති කරන ස්ථානය. කිසිදු වටිනාකමක් නැති සයිබර් රස්තියාදුකාරයන්ට ගැලපෙන තැන්ය. එනමුත් පහත දැක්වෙන්නේ ලෝකයේ විවිධ තැන් වලින් අන්තර්ජාලයට එකතුවූ “සමාජ ජාලාවල” පිහිටෙන් ජීවිත කිහිපයක් බේරාගන්නට අවස්තාව සැලසුනු ආකාරය දැක් වෙන සිදුවීම්ය.
වසර 2009 එක්තරා දවසක බ්‍රිතාන්‍යය ජාතික 16 හැවිරිදි දරුවෙකු තම ෆේස්බුක් ගිනුමට ඇතුලුවී තම මිතුරෙකුවූ ඇමරිකානු ජාතිකදරුවෙකුට දන්වා සිටියේ තමන් සියදිවි නසා ගන්නට තීර්නය කර ඇති බවයි. මැදියම් රැයක සැතපුම් 3,400 දුරකින් වෙසෙන තම මිතුරා පත්ව ඇති තත්වය ගැන තම මව මාර්ගයෙන් බ්‍රිතාන්‍ය තානපති හරහා ප්‍රදේශයේ බලධාරීන්ව දැනුවත් කොට ඔහුව සොයා ගන්නා විට නිර්දේශිත පෙති වර්ගයක් අධික මාත්‍රයකින් ශරීර ගතකොට ගෙන සිටිය මුත් පසුව බේරා ගත හැකිවිය.
දැනට මාස විදෙකක් වයසැති ආසියානු-යුරෝප සම්භවයකින් යුත් දරුවෙකු උපතින්ම ලියුකේමියා ගනයේ දරුනු රෝගයකින් පෙලමින් සිටියාය. දරුවාගේ සම්භවයේ සංකීර්නතාවය හේතු කොට ගෙන ලබා දීමට අවශ්‍ය ලේ වර්ගය සපයා ගැනීම අතිශය අපහසුවිය. කෙසේ නමුත් දෙමාපියන් විසින් ෆේස්බුක්හි සිය තොරතුරු හා පල කිරීමෙන් අනතුරුව ලොව පුරාවෙන් පුද්ගලයින් 5500 පමන ඉදිරිපත් වූ බවක් සටහන් උනා.අවසානයේ ඔස්ට්‍රේලියානු ජාතික අයෙකුගේ උපකාරයෙන් ඇයගේ දිවි රැකගන්නට හැකිවූ බවයි වාර්තා වෙන්නේ.