වෙබ් පිරික්සන මෘදුකාංග


සයිබර් අවකාශයට පිවිසෙන්නට ඔබේ පරිගනකය දෙසින් මූලිකවන්නා අන්තර්ජාල වෙබ් පිරික්සන මෘදුකාංගය බව පැහැදිලි කරුනකි. මෙහිදී බහුලව භාවිතාවන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සංස්කරනයත්,ගූගල් ක්‍රොම් 10 සංස්කරනයත්,මොසිල්ලා ෆයර් ෆොක්ස් 4 සංස්කරනයත් අතර සලකන විට මූලික පදනමේදී එතරම් වෙනසක් නොපෙන්වන බව දැකිය හැකිය. කෙසේ වෙතත් මා පෞද්ගලිකව එක්ස්ල්පොරා 9 සංස්කරනයට වඩා කැමතිවන්නට හේතුවන කරුනු කිහිපයක් මෙසේ සටන් කරන්නට කැමැත්තෙමි.
මින් පලමු වැන්නනම් වෙබ් අඩවියක සබැදියාව ටාර්ස්ක් බාර් වල රදවන්නට හැකිවීමයි. ඇත්ත වශයෙන් සලකන විට මාහට වෙබ් පිරික්සනයේ අසිරියට වඩා ඒ හරහා ඉක්මනින් වෙබ් අඩවියකට පිවිසෙන්නට හැකිවීම ඉතාම වැදගත්ය.
අදාල අඩවියක් සදහා එක එල්ලේ වෙබ් ලිපිනයක් ඔස්සේ යනවාට වඩා යම් අවස්තාවක ඔබට උවමනා උවහොත් කිසියම් වචනයක් හො තොරතුරක් ඔස්සේ වෙබ් පිරික්සනය දෙසින් යෝජනා ලබා ගන්නට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 අනිත් පිරික්සනයන් මෙහිදී දෙන ප්‍රතිචාරවලට වඩා වේගවත් හා කාර්යක්ෂම බව අතින් ඉහල බවයි මගේ අත්දැකීම වන්නේ.
බාගත කලමනාකරු මෘදුකාංගය සලකන විට අනෙත් මෘදුකාංග දෙකෙහිම එම ක්‍රියා වලිය කලමනාකරනයට පහසු කම් සලසනවට වඩා තොරතුරු සපයන්නට වැඩි ඉඩක් ලබා දී ඇති බවයි මගේ හැගීම වන්නේ.
නව ටැබයක් විවෘත කල විගස ඔබේ වඩාත් ප්‍රියතම සබදතා ගැන යෝජනා දිස් වුවද පෞද්ගලිකත්වයට හානිවන තරමට සවිස්තරාත්මක නොවීම වැදගත් කාරනාවක් ලෙස මම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හි දකිමි. එසේම යම් ටැබයක් පහසුවෙන් සගවන්නටත් යලි අවදිකරන්නටත් අනෙත් වෙබ් පිරික්සනයන් දෙකට වඩා පහසු බවයි මගේ හැගීම.
අවසානයේ පැවසිය යුත්තේ පිරික්සන නිර්මානයේදී මෙහෙයුම් පද්දතිය දෙසින් වැඩි වාසියක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙත ලබී ඇතිබව පැහැදිලි කාරනාවකි. අනිත් අතින් මෙ කරුනු කෙසේ වූවත් අප මෙහෙයුම් ස්ථානයෙදී පවා එකම අරමුනකට වැඩකරන අප තිදෙනා ප්‍රිය කරන්නේ වෙබ් පිරික්සන තුනකට වීමත් යම් යම් පමාවීම් මෙන්ම වේගවත් වීම්වල යම් වෙනසක් සමග වූවත් අවසන ඉලක්කවෙත ලගා වීමේදී සැලකිය යුතු මට්ටමක වෙනසක් නොදැනෙන බවත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )