දල වශයෙන් පසුගිය වසර දහය තුල මිලියන දෙකකට වඩා පරිගණක වෙත ඔවුන් අනවසර පිවිසීම් කරන්නට ඇතැයි අනුමාන කර ඇත. ඔබේ යතුරු හැසිරීම් රටා වල සිට තැන්පත්කර ඇති සියලුම දත්තයන් නිරීක්ශනය කරන්නත් උවමනා දේ පහසුවෙන් සොරා ගන්නටත් සමත්වන්නට ඇත.මින් ඉදිරියට ගොස් දුරස්තව ඔබේ පරිගණකය පාලනය කරන්නටත්, තවත් විටක ඔබේ පරිගණකය හරහා තවත් පරිගණක පාලනය කරන්නටත් ඔවුන් සමත් වන්නට ඇත.
එක්සත්ජනපද අධිකරනය පසුගියදා අන්තර්ජාලය සම්බන්දිත අතිශය වැදගත් තීර්නයක් ගත්තාය. ඒ මොවුන් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වීමට පදක කරගත් අනන්‍යතා විසිනමයක් තහනමට ලක් කරමිනි. ගැටලුව මෙයි සංසිදෙනු ඇතැයි විශ්වාස නොකල මොවුන් දැනටමත් ආසාදිත පරිගණක කෙරේ තම අවදානය යොමු කලාය. ආසාදනය කරන්නන් විසින් මෙම පරිගනක වල තැන්පත් කර ඇති හානිකර මෘදුකාංග කොටස් වලින් වන හානිය අවම කරගැනීමට නම් කලහැකි එකම තීර්නයද ගත්තාය. එනම් සර්වරයන් බලධරයන් විසින් තම අනසකට යටත් කර ගැනීම තුලින් ඒවායේ අනසකට යටත්ව ඇති පරිගණක වෙත ඇති සබදතා ඉවත් කරන්නටත් අක්‍රිය කර දමන්නටත්ය.