සමහර පරිගණකවල තම ආරක්ශාව සදහා එකවර මෘදුකාංග හතරක් හෝ පහක් ධාවනය වන්නට සකස්කර ඇති ආකාරය ඔබත් සමහර විට දැක ඇතුවා වන්නට පුලුවන්. භාවිතය සදහා ඇති සම්මත ආකාරය ගැන පවසන්නේ නම් එකවර ආරක්ෂිත මෘදුකාංග දෙකක් හොදටම සැහෙන බවයි. එනම් හානිකර මෘදුකාංග වලකන වැඩසටහනක් හා අනවසර පිවිසීම් හා පිටවීම් වලින් පරිගණකය ආරක්ෂා කරන ෆයර් වෝල් ආකරයේ මෘදුකාංගය ලෙසයි. සමහර විට මෙම කාරනා දෙකම එකවර ඉටුකරන ආරක්ශිත මෘදුකාංග වෙලදපොලේ ඇති බවත් කියවෙනවා. අනිත් අතින් එකම කාරනාව සදහා එකවර මෘදුකාංග දෙකක පරිගණකයේ ධාවනය වන්නට සැලැස්වීමෙන් පරිගණකයේ වේගය බොහෝ සෙයින් අඩුවීමේ සිට වෙනත් ගැටලු උද්ගත වීමදක්වා තත්වයන් ඇති විය හැකි බවයි පැවසෙන්නේ. උපදෙස් ලබා දෙන්නන්ගේ අවසාන නිගමනය වන්නේ ඉහත දැක්වූ ප්රධාන මෘදුකාංග දෙක පසුබිමෙන් ධාවනය වන්නට සැලසීම හා කලකට වරක් මැල්වෙයාර් ආකාරයේ පිරිසිදුකරනයක් පරිගණකයේ ධාවනය කර ආරක්ෂිත බව සුරක්ශිත කර ගැනීම වඩාත් සුදුසු බවයි. පහත දැක්වෙන්නේ මේ සදහා භාවිතකල හැකි මෘදුකාංග දෙකක් සදහා ලිපිනයන්ය.
http://www.superantispyware.com/
http://www.malwarebytes.org/