පසුගිය කාලයතුල ප්‍රධානපෙලේ ආයතන රාශියකට තම පාරිභෝගිකයන්ට අනතුරු අගවන්නට සිදු උනා ඔවුන්ගේ ඉන්බොක්ස් වෙත ලැබෙන ඊ මේල් ගැන කල්පනා කරී වෙන ලෙස. සමහර ඊ මේලයන් වල යොමු කරන්නා ලෙස සදහන්ව ඇත්තේ තමන් ගනුදෙනු කරන සමාගම් වල නාමයන් වීම මෙම ඊමේල් ලබන්නන් වඩාත් ගැටලුකාරී තත්වයකට ඇද දමන්නක් උනා.මෙම තත්වය උද්ගත උවේ පසුගිය කාලය තුල ආයතන රාශියක දත්ත සර්වර් වල දත්ත ගබඩා වලට පහරදී ඊමේල් ලිපිනයන් ඇතුලු දත්ත පහැර ගැනීම එක දිගටම සිදුවීම නිසයි. මෙසේ තම පාරිභෝගිකයන්ට අනතුරු අගවන්නට සිදුවී ඇති අලුත්ම ආයතනය වන්නේ ඇශැම්පූ නම් ප්‍රකට ආරක්ශිත මෘදුකාංග හා වින්ඩෝස් සදහා සහය මෘදුකාංග නිශ්පාදනය කරන ජර්මන් ආයතනයයි. ඔවුන් නිවේදනය කරන්නේ තම සර්වරයකට අනවසර පිවිසීමක් සිදුවී ඇති බවත් ඊමේල් ඇතුලු දත්තයන් පැහැර ගැනීමට පහර දෙන්නන් සමත් ව ඇති බව හා ඉතා සංවේදී මට්ටමේ තොරතුරු කරා ඔවුන්ට ලගා වීමට නොහැකිවී ඇති බවත්ය. වැඩිදුරටත් ඔවුන් පවසන්නේ මැල්වෙයාර් ආකාරයේ සබදතා සමග පැහැර ගත් ඊමේල් ලිපිනයන් යොදා ගනිමින් සයිබර් දූෂකයන් විසින් යොමු කරන්නට ඉඩ ඇති ඊමේලයන් විවෘතකිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි.