ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු වඩාත් ආරක්ශිත කිරීමේ අරමුනෙන් පිවිසීමේදී අමතර අවසර පදයක් හදුන්වා දීමට කටයුතු කරමින් පවතින බවට පුවතක් පලවෙනවා. “අනුමත පිවිසීම්” ලෙස නම් කර ඇති මෙම ක්රම වේදය විසින් ඔබ නිරතුරුව භාවිතා කරන පිවිසීම් උපාංග සදහා තහවුරු අංකයක් ලබා දෙන අතර ආගන්තුක උපාංගයක් භාවිතයෙන් පිවිසීමට උත්සාහ කිරීමේදී නැවත තහවුරු අංකය ඉල්ලා සිටිමටත් , එය ඉදිරි පත් කිරීමට්ට අපොහොසත් වන තුරා ගිනුමට පිවිසීමේ ක්රියාවලිය අංක්රියව පවතින ඇති බවටත් කරුනු පලවෙනවා. මෙම අවසර පදය ගිනුම භාවිතා කරන්නා විසින් ගිනුම සැකසීමේදී ලබා දෙන ජංගම දුරකතන අංකය වෙත කෙටි පනිවිඩයක් ලෙස ලබාදීමට බලාපොරොත්තුවන බවටත් කරුනු පල වෙනවා.