වරක් හිටපු ඇමරිකානු ජනාධිපති වරයෙකු ප්‍රකාශකර සිටියේ “විස්වාසය තබන්න, නමුත් තහවුරු කරගන්න” ලෙසයි. අස්වාභාවික පනිවිඩයක් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන විට සැක සහිතව ඒ ගැන කටයුතු කරන්නට තරම් ඔබ විමසිලිමත් නොවීම අනවශ්‍ය අනතුරකට අතවැනීමක් වනු ඇති බවයි මේ පිලිබද හදාරන්නන්ගේ මතය වන්නේ.
මැතකාලයේදී මෙය තහවුරු වන ආකාරයේ සිදුවීමක් ලෙස “මැක් ඩිපෙන්ඩර් ට්‍රොජන් මෘදුකාංගය” හදුන්වා දෙන්නට හැකියි.ගූගල් සෙවුම් යන්ත්‍රයේ සෙවුම් ප්‍රතිපලයක් ලෙස ඔබට ලැබිය හැකි මෙම සබදතාවය පන ගන්වන ඔබට දැනුම් දෙන්නේ පරිගනකයේ හානිකර මෘදුකංගයක් ක්‍රියාත්මක බවට හදුනාගෙන ඇති බවත් පනිවිඩයක් ලැබෙන අතරම හකුලන ලද ගොනුවක් ඔබේ මැක් පරිගනකය වෙත ලැබෙන්නට පටන් ගනී.අනතුරුව ඔබට දැනුම්දෙනු ලබන්නේ “මැක් ඩිපෙන්ඩර්” නම් මෙම ආරක්ශිත මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපනය කරගැනීම සදහා මිලදී ගැනීමක් කලයුතු බවයි.ඔබ කිසියම් මුදලක් අදාල ගිනුමකට බැර කලද කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය නොවන මුත් ඔබේ නයවර පතෙහි විස්තර වාංචනිකයෙකු අතට පත්වනු ඇත. මෙම තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමග මෙම වාංචනිකයන් තම නාමය මැක් සිකියුරිටි ලෙස වෙනස් ලෙස භාවිතා කරන්නට පටන් ගෙන ඇති බවට තොරතුරු පලවෙනවා. ඇපල් පරිගනක භාවිතා කරන්නන්ගේ එකමුතුවක් තුලද පැතිර ගිය ස්කයිප් ඔස්සේ ලැබෙන පනිවිඩයකින්ද පැවසුනේ “ඔබේ පරිගනකය හානිකර මෘදුකාංගයකට යටත්වී ඇතිබවට තහවුරු වී ඇති බවයි”. ඒ ඔස්සේ ඔබ අදාල සබදතාවය පනගන්වන සැනින් හානිකර මෘදුකාංග පතුරවන්නෙකුගේ ගොදුරක් වන බවයි කියවෙන්නේ.
තවත් පුවතකට අනූව කිය වෙන්නේ ඊමේල් පනිවිඩයකට දවටා ඒවනු ලබන මයික්‍රසොෆ්ට් පවර් පොයින්ට් ගොනුවක අවදිකිරීමත් සමග ක්‍රියාත්මක වන හානිකර මෘදුකාංගයක් ඔබේ පරිගනකයට නියමිත ආකාරයට අතුලුවන භාවිතා කරන්නෙකුට ලැබෙන සියලු බලතල සහිතව දුරස්ත නාදුනන අයෙකුට එය මෙහෙයවීමේ අයිතිය අත්පත්වන බවයි.මෙයද මැක් පරිගනක ගනයට මෑත කාලයේ එල්ලවූ තර්ජනයක් ලෙස සටහන් වනවා.