මැයි 12 වෙනිදා තායි ජාතිකයෙකුට ඊමේලයක් ලබුනේ “ඔබගේ ෆේස්බුක් ගිනුම අනවසර පරිහරනයකට ලක්වී ඇති බව කියමිනි.” චීන භාශාවෙන් මෙම ලිපිය සටහන්ව තිබිනි. තයි ජාතික හොට්මේල් ගිනුම් හිමියා ලිපිය විවෘත කල සැනින් එය තුල සගවා තිබූ මෘදුකාංගයක් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා අතර ප්‍රතිපලය වන්නේ ඔහුගේ ලිපි බහාලුමේ සියලු ලිපි වල පිටපත් මෙම ඊමේලයේ නිර්මාතෘ අනවසර ආක්‍රමිකයා වෙත ලැබැන්නට පටන් ගැනීමයි. පසුව හදුනා ගත්තේ මෙම ප්‍රහාරයට ලක්වූ දහස් ගනනකින් ඔහු එක් අයෙක් පමනක් බවයි.කරුනු සොයා බැලීමේදී හෙලිව ඇත්තේ මෙම ප්‍රහාර අවස්තාව නිර්මානය වී තිබුනේ මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ තිබූ දුර්වල තාවයක ප්‍රයෝජනයට ගැනීමෙන් බවයි. කරුනු සැලවූ වහාම මෙම දුර්වල තාවය පිලිසකර කල බවත් වැඩි දුරටත් සටහන්ව තිබුනා.