ලබැදි මිතුරන්ගේ ඇසුර රසවත් කරන්නට මිහිරි හඬක් ලගදීම ෆේස්බුක් අඩවිය හරහා භාවිතා කරන්නන්හට ලබාදෙන්නට කටයුතු කරමින් සිටින බවට පුවතක් පලවෙනවා. “ස්පොටිෆි” අඩවිය හා එකතුව දහරා ක්රමයට ක්රියාත්මක වන මෙම සේවාව ෆේස්බුක් හි පුවත් කවුලුව ඔස්සේ භාවිතා කරන්නන්ට පිවිසිය හැකිසේ සකස් කර ඇති බවයි කියවෙන්නේ. වැඩිදුරටත් සටහන් වෙන්නේ මෙම සබදතාවය නිසා ආයතන දෙක අතර මුදල් මය ගනු දෙනුවක් නොවුනද ස්පොටිෆි ආයතනයට මිලියන ගනනක භාවිතාකරන්නන් කැදවෙන අතර වසරගනනක් තිස්සේ ෆේස්බුක් ආයතනය බලාපොරොත්තුවූ සේවාවකින් තම භාවිතාකරන්නන්ගේ ආකර්ශනය වඩාත් වැඩිකරගන්නට මෙම නව පියවර උදවු වෙනු ඇති බව කියවෙනවා.