” ගූගල්+ ගැන දැන ගන්න මෙහි එන්න” මෙම පනිවිඩය ඊමේලයක් ලෙසින් ඔබේ ඊමේල් බහාලුමටත් පැමිනෙන්නට ඉඩ ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ දින වල අන්තර්ජාලය අසුරු කරන කවුරුත් පාහේ කැමැත්තෙන් සිටින පනිවිඩය එය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. පරිගණක සුරක්ශිතතාවය ගැන සැලකිලිමත් වන කන්ඩායම් නම් පවසන්නේ සමහර විට එම සබදතාවය ගූගල්+ වෙත ගෙනියනවා වෙනුවට යම් යම් බෙහෙත් ද්‍රව්‍ය ගැන ප්‍රචාරනය සදහා සකස් කර ඇති අඩවි වෙත රැගෙන යන්නටත් ඉඩ ඇති බවයි.
ගූගල්+ පිලිබදව ඇති උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්රචාරක කරුවන් මෙම ව්‍යාජ සබදතාවය අන්තර්ජාලය පුරා පතුරවමින් සිටින බවයි සටහන් වන්නේ. ගූගල්+ වෙත නවකයින් කැදවා ගැනීම තවකාලිකව නතර කර ඇති බව ඔවුන් නිවේදනය කර ඇති බවත් එහි වැඩිදුරටත් සටහන්ව තිබුනා.