ඔහු නැවත පැමින ඇත. මගේ ආදරනීය මිතුරෙකුවූ ටිබෙට් ජාතිකයා නැවත පැමිනීම මා තුල මහත් සතුටක් ඇති කලේය. ඔහු සුපුරුදු ලෙස ආගන්තුක කුටියක දෙදිනක් හෝ තෙදිනක් ගතකල යුතුව ඇත.ඉන්පසු සුපුරුදු ලෙස කදුමුදුනතම පිහිටි මගේ කුටියට යාබද කුටියට පැමිනෙනු ඇත. සතුටේ කම්පනය මදක් පාලනය වන තුරු සක්මන් මලුවේ ඔබ මොබ ඇවිද්දෙමි. ආදරනීය හෝ අනාදරනීය මතක සෛලයන් ජීවිතයකට කල හැකි බලපෑම මහත්ය. සමහර විටක ඔබට සිතාගන්නට වත් බැරිතරම් යැයි මම සිතමි. හෝරාවන්, දින ගනන් පමනක් නොව වසර ගනන් අවසානයේ ජීවිත කාලයන් පවා පසුකරමින් මතකයන් විටක හුරු පුරුදු ලෙස පවා අප වසාගෙන සිටින අයුරු දකින විට විටක මහත් බියක් සිත තුල පැන නගී.බුර බුරා නැගෙන සංසාර ගිනිදැල්ල මම දකිමින් සිටිනවාදැයි මම මගෙන් ප්රශ්න කරමි.