ආරක්ශිත මට්ටමේ Smart Phone දෙකක් නිවේදනයවේ!!!

blackphone_available_preorders_mwc

ස්මාර්ට් දුරකථනය කුඩා පරිගණකයක හැකියාවන් වේගයෙන් අත්පත්කර ගනිමින් සිටින දෛනික ජීවිතයේ වැදගත් කාර්යභාරයක් ඉවුකර දෙන උපකරනයකි. වෙබ් පිරිස්සුමකට , ඊමේල භාවිතයට , මැප් භාවිතාවට පමනක් නොව වීඩියෝවක් නැති නම් ඡායාරූ සටහනක් ලබා ගන්නට එය සකසා ගන්නට සමාජජාලා වැනි භාවිතවන් ඔස්සේ අනෙකුන් සමග බෙදා ගන්නට එය ගෙන එන්නේ අපමන සහයකි. සංස්කරනයෙන් සංස්කරනයට වඩාත් දියුනු වෙමින් වැඩි ප්‍රොසෙසර් බලයක් ඔස්සේ දත්ත සැකසීමේ හැකියාව , වඩාත් විශාල හා සුපැහැදිලි වෙමින් ඇති තිර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට වැඩි තොරතුරු ප්‍රමානයක් මෙන්ම දියුනු වෙමින් පැමිනෙන අමතර සංවේදක ඔස්සේ භාවිතාකරන්නෙකුගේ සෞක්‍ය තත්වයන් හදාරන්නට , යන එන මංතොට පිලිබදව වැඩි දුර තොරතුරු ගෙන එන්නට පමනක් නොව අනෙකුත් උපාංග ඔස්සේ සම්බන්ද වෙමින් නිවසේ කටයුතු නිවැරදිව සිදුවීම , කාර්යාලයේ කටයුතු වඩාත් නිවැරදිව සිදුවන්නට සහය දීම වැනි බොහොමයක් කටයුතු සදහා එය සහය දෙමින් සිටී.
සියලු අපූරු දෑ සමගම පාහේ අපහසුතාවයන්, අකමැතිදෑද තිබීම ලෝක ස්වභාවයකි. ස්මාර්ට් දුරකථනය ඔස්සේද මෙවන් ක්‍රියාකාරකම් පෙරකී පහසුකම් වලට අමතරව ඔබ වෙතට පැමිනිය හැක. ඒ අතර අනවසරව ඔබේ දුරකථනයේ තොරතුරු සොරා ගැනීම , ඔබ යන එන ගොඩව ස්ථානයන් පිලිබදව තොරතුරු හැදෑරීම , ඒවයෙන් සමහරකි. මෙවැනි හානීන් ඔබ වෙතට පැමිනෙන්නේ ස්ථාපනය කර ගන්නා app භාවිතාවෙන් මෙන්ම අන්තර්ජාල සබදතා ලබාගන්නාWi-Fi හැකියාව ලබාදෙන ප්‍රසිද්ධ ස්ථාවලදී වන අනවසර පිවිසීම් වලින් වියහැක. සමහර අවස්ථාවලදී මීට වඩා සංකීර්න ආකාරවලද විය හැක. එ ක්‍රම කිනම් ආකාරයක් වූවද පහර දෙන්නන්ගේ වැඩි අවධානයක් මොබයිල් උපකරන වලට ලැබෙන්නේ ඒවායෙන් ලබාගන්නා හෝ ඒවා යොදාගනිමින් වැඩි ආර්ථික වාසි ගෙනෙන නිති විරෝධී කටයුතු වලට යොදා ගත හැකි නිසාවෙනි.
ගෙවී ගිය මෑත කාලයේ ආයතනය දෙකකින්ම වඩාත් ආරක්ශිත ස්මාර්ට් දුරකථන හඳුන්වා දිමට කටයුතු කෙරෙනි. ඒවා නම් Geeksphone නම් ආයතනයෙන් පැමිනි Blackphone හා ප්‍රකට Boeing ආයතනයෙන් පැමිනි Black Phone නම් ආරක්ශිත ස්මාර්ට් දුරකථන දෙකය. BlackPhone දුරකථනය ඩොලර් 629කට මිලැතිව පැමින තිබූ අතර එය Android මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියත්මක වන මුත් එහි සංස්කරනයක් වන PrivatOS සමග ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නන්ගේ තොරතුරු විමසීමේ හැකියාව app වලින් සීමා කරන්නට හැකි ආකාරයට (privacy-enabled apps) ක්‍රියාත්මක වෙමින් තිබිනි. උදාහරනයක් ලෙසට එහි ක්‍රියත්මක වන වෙබ් බ්‍රවුසරය ඔස්සේ ඔබගේ වෙබ් සැරියන් පිලිබදව තොරතුරු ලබාගන්නට නොහැකිවන(built-in Web browser) ලෙසට නිමවා තිබිනි. භාවිතාකරන්නා නව app මෘදුකාංගයක් ස්ථාපනය කරද්දී එය විසින් දුරකථනයේ අනෙකුත් තොරතුරු පරිහරනයට අවසර ඉල්ලන අවස්ථා සියල්ලම පාහේ වෙන වෙනම භාවිතාකරන්නාගෙ අවසරය ලබාගන්නට වන ආකාරයට එය නිමවා තිබෙන බවට තොරතුරු පැවසින. භාවිතාකරන්නා trusted hotspot වලින් පිටත සිටින විටදී Wi-Fi හැකියාව off ආකාරයේ පවත්වා ගනිමින් අනවශ්‍ය ජාල වලට සබදවීමේ හැකියාව වලක්වා ලන්නට මෙන්ම , දුරකථනයේ සියලු තොරතුරු encrypted ආකරයට ආරක්ශිතව තබා ගන්නටත් හදිස්සියකදී දුරකථනය අස්ථාන ගතවීමකදී අවශ්‍යනම් එහි වන සියලු තොරතුරු දුරස්ථව මකා දමන්නට හැකිවන remote-delete tools වලින්ද සමන්විතව එම දුරකථන පැමින තිබිනි. මෙම දුරකථනය පැමින තිබුනේ Silent Circle’s platform වලින් වන දෑ අවුරුදු subscription සමග වූ අතර සියලු ඇමතුම් හා ඊමේල encrypts ආකාරයට විය.
පැමින තිබූ දෙවන දුරකථනය ඉලක්ක කර තිබෙන්නේ රාජ්‍ය මට්ටමේ හා රහස් තොරතුරු සොයන්නන් හා හමුදා නිලධාරීන් සදහා බව නිෂ්පාදයින් පවසා සිටින්නට කටයුතු කරතිබූ අතර සාමාන්‍ය භාවිතාකරන්නන් වෙතට තොරතුරු හෙලිකිරීම පවා සීමා කර තිබිනි. එයද Android මූලික මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වෙමින් තිබුනු අතර අඟල් 5,2 මට්ටමේ කුඩා උපකරනයක් විය. iPhone සිහින් වූ මුත් ශක්තිමත් දුරකථනයක් වූ මෙය සමග භාහිරව කොටස් සවිකිරිමේ හැකියාව්කින්ද යුක්ත විය. ඒවා satellite transceivers නැතිනම් biometric sensors මෙන්ම solar charging උපාංග සදහා වෙන්ව තිබිනි. “sealed” ආකාරයේ නිමැවුමක් වූ මෙම උපකරනය විවෘත කරන්නට උත්සාහ ගැනීමේදී එහිවන සියලු තොරතුරු මැකීයන self-destruct උපකරනය ලෙසට එය නිමවී තිබිනි. SIM card දෙකක භාවිතාවට සූදානම්ව පැමින තිබූ එය එකක් සාමාන්‍ය භාවිතය සදහා හ අනෙකු විශේෂ භාවිතයට වෙන්වී තිබිනි. සාමාන්‍ය භාවිතයට අදාල සිම් පත ක්‍රියාත්මක වන විටදීම දුරකථනයේ වන සියලු තොරතුරු Lock වන ආකාරයේ සැකවුමකින් එය සමන්විතව තිබිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )