නීතිය නොසල හැරීම, නීතියට ඉහලින් ක්‍රියාකිරීම මෙන්ම නීතියට අභියෝග කිරීම ලාංකික සමාජයේ ප්‍රභූමය ලක්ෂනයක් ලෙසට සලකනවා වැනිය. ඉදහිටක නීතිය වෙතට විසුලු කිරීමද දේශපාලනිකව සිදුවන්නකි. සරල නිදසුනකින් තත්වය පහදන්නේ නම් ජනාකීර්න මාවතක් මැද අයෙකු තම වාහනය ක්ෂනිකව නතර කර බැස යාම තාමත් සමාජය සලකන්නේ ප්‍රභූ බව සංකේථයක් ලෙසටය. එය එසේ සුදුවිය නැති වුවද නීතිය පවා මෙවන් අවස්ථාවක් අසලට පැමිනෙන්නේ පෙර තීර්නය කර ඇති ගරු බවක් පෙර දැරි කරගෙනය.
තවත් අපූරු සිදුවීමක් නම් යම් නෛතික විමසීමක් තමන් වෙතට පැමිනීම සමාජ ව්‍යාපාරයක් කර ගන්නට කටයුතු කිරීමය. මෙයද මෑතකාලීනව වඩාත් හොඳින් දැකිය හැකි ප්රවනතාවයකි. නෛතික විමසීමක් සදහා පැහැදිලිව මුහුන දෙමින් තම නිවැරදි බව තහවුරු කරගන්නට කටයුතු කරනවාට වඩා ඔවුන් ප්‍රමුකතාවය දෙන්නේ වටින් විත් සමාජ ප්රථිරෝධයක් ඒ වෙතට ගෙනෙන්නටය. හදාරන්නන් මේ සදහා පෙන්වා දෙන ආසන්නතම හා වඩාත් විසුලු සහගතම උදාහරනයක් නම් යම් ප්රභූවරයෙන් වෙතට නෛතික විමසීමක් එල්ල වූ අවස්ථාවේදී එම නෛතික විමසීම සදහා “මහා ධාර්මික” අර්ථනිරූපනයක් සමග අසරන තමන් වෙතට පැමිනෙන මෙම චෝදනා සදහා මුහුන දීමට අවශ්‍ය මිළ මුදල් රැස් කර ගන්නට කුඩා මුදලක් ආයාචනා කරමින් ප්‍රසිද්ධ පුවත්පත්වල ලක්ෂ ගනනක් වැය කරමින් දැන්විමක් පල කිරීමය.
මොනතරම් කෘතීම බෞද්ධ වටපිටාවක් වුවද අද වන විට “දහම රකින්නාව දහම විසින් රකිනු ඇත” වැනි පිලි ගැනීම් සමාජයෙන් ඉවත්ව ඇත. තම පදනම වන පන්සිල් පද පහ හැකි පමනින් රැකීම ඔස්සේ දහම වෙතට පැමිනෙනවා වෙනුවට වෙන්නේ, එම මූලික පදනම පවා නොසලකා හැරිමින් මුත් බුදුදහම රැක ගැනීම වෙනු වෙන් මාරාන්තික වීමට කැමති වීමය. තම තමන් අතින් ගිලිහෙමින් ඇති දහම වෙතට ඇති සැබෑ බැදීම රැක ගන්නවා වෙනුවට හෝ ඒ සදහා ඇති අකමැත්ත පරා රෝපනය කරමින් තමා අවට වන විකල්ප වෙතට තදින් පහර දීමට කටයුතු කිරීම. නීතිය වෙතටද ඇත්තේ මෙවන් දැක්මකි. විටක වඩාත් ජනංප්‍රිය ලෙසට නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ගැන විමසන ඔවුන්ම ප්‍රයෝගික තලයේදී නිතිය මග හරින්නට වන සියලු විකල්ප සොයන්නට කටයුතු කරයි.
