නිර්මාණය වෙමීන් ඇති දෙවන ඔබ

ඔබව සර්වර් ගතවීම තව දුරටත් ඔබේ කැමැත්ත මතම සිදුවන්නක් නොවේ. ඔබ අතැති ස්මාර්ට් දුරකථනයේ සිට නෙක ආකාර සම්බන්ධිත පලඳන උපකරන වල සිට ඔබ වටා පෙල ගැසෙන අපමනක් සම්බන්දිත උපාංග නෙක අකාර වලින් ඔබව හැදෑරීම මගහල නොහැකි සත්‍යයක් වෙමින් ඇත. මෙසේ නිර්මාණය වෙමීන් ඇති දෙවන ඔබ, ඔබව ඉක්මවා යන දිනය වැඩි ඈතක නොවේ. “Tharu Minisa” – Pubudu Siriwansa දිගටම නිර්මාණය වෙමීන් ඇති දෙවන ඔබ කියවන්න

ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව

ගෙවීයන සියවසේ මිනිස් වර්ගයා වඩාත් අමානන්දයට පත්කල විෂය තොරතුරු තාක්ෂණය විය යුතුය. මිහිතලය මත මිනිස් කථන්නදරයේ ආධිපත්‍ය සටහනෙහි රහස වූ මතක තබා ගැනීමේ හැකියාව, ඒවා නැවත නැවත සකසමින් වඩාත් සාර්ථක මතකයන් නිර්මාණය කර ගැනීම මෙන්ම එකි නෙකා අතර කාර්යක්ශමව සංනිවේදනය කර ගැනීමේ හැකියාව තාක්ෂණික ගත කර ගැනීම විෂයක් ලෙසට පමනක් නොව භාවිතාවක් ලෙසට මිනිස් සීමා අනන්තය දක්වාම පුළුල් කර දමා ඇත. ඔවුන් අතර වූ භෞතික … දිගටම ප්‍රඥාවෙන් වඩාත් ආනන්දනීය දිගුව කියවන්න

මිත්‍රත්වය vs කඳුළ

අවසානයේ ඔහු තමන් පසක් කල සත්‍යය තම දින සටහන තුල මෙසේ වචන ලෙසට සටහන් කලහ. ‘ සැබෑවනම් අපගේ මිත්‍රත්වය අතර තිබී ඇත්තේ ක්ලික් එකක දුරක් පමන වීමය’ එහෙත් අවසන් වූ ඒ මිතුදම නෙතට ගෙන ආ කදුල වියලන්නට අඩුම තරමින් තව දින ගනනාවක් යනු ඇත. “එය ජීව විද්‍යාත්මක පරිනාමයේ දුර්වලතාවයක් ලෙසට අප හදුනා ගත යුතුද? ” ඒ ටීටාවගේ ප්‍රථිචාරය විය. ” Tharu Minisa” – Pubudu Siriwansa දිගටම මිත්‍රත්වය vs කඳුළ කියවන්න

“සිහින අවසන් කරන්නා “

“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ විෂයන් තුල එය අපමන දිගුවක් ලෙසට ජීවිත වෙතට සේවය කරන ලදී. කෙසේ මුත් අවසාන යුගය හදුන්වා දෙන ලද නාමයම ඔබට එයි කාර්යභාර්ය පැහැදිලි කර දෙනු ඇත. එනම් අවසාන යුගයේ ඒ ශක්‍යතාවයට පට බැදුනු නාමය වූවේ … දිගටම “සිහින අවසන් කරන්නා “ කියවන්න

නිදහස් පුරවැසියා VS ශක්තිමත් සමාජය

නිදහස් පුරවැසියා වගේම ශක්තිමත් සමාජය කියන දෙකම එක සේ වැදගත් දියුනු සංකල්ප. අනික මම හිතවා මේවා නිම නොවන අත්පත් කර ගැනීම්. නිරන්තරයෙන් දියුනු කර ගනිමින් ඉදිරියට යන සංකල්ප. මේවායින් එකක් විනාශ කර ගනිමින් අනෙක වර්ධනයට ඉඩ හැරීමෙන් සාර්ථක සමාජයක් නැතිනම් රටක් ඉදිවන බවට බලාපොරොත්තු වීම ඵලදායී කාරනයක් නොවේ. ” Thatu Minisa ” – Pubudu Siriwansa දිගටම නිදහස් පුරවැසියා VS ශක්තිමත් සමාජය කියවන්න

දියුනු සමාජයක් යනු අතිශය මානුෂීය

ඇත්තම කාරනයනම් දියුනු සමාජයක් යනු අතිශය මානුෂීය මිනිස් පරිසරයක් බවයි. කනගාටුදායකම කාරනය නම් අතිදියුනු යැයි සම්මත සමාජයන් තුල මිනිසුන් දරුනු ලෙසට හුදකලාවීමයි. ජීවිය නිර්මාණය වීම තරම්ම සංකීර්න කාරනයකි නිදහස් පුරවැසියා නිර්මාණය කර ගැනීම ලෙසට තේරුම් ගන්නට ඔවුන්ට තව බොහෝ කල් ගතවනු ඇත. ‘ Tharu Minisa ” – Pubudu Siriwansa දිගටම දියුනු සමාජයක් යනු අතිශය මානුෂීය කියවන්න

That Minisa

අසුන් පටිය පැලදිය යුතු බවේ අවධානය ගිලිහීයාම නිසා මාගේ අසුනට ඉහලින් අනාරක්ෂිත බව හගවන නාදය සමග කුඩා ආලෝකය දැල් වෙන්නට විය. වහා ආරක්ශක පටිය පැලදගත්තේ “සමාවෙන්න” යැයි මුමුනමිනි. තප්පර කිහිපයකින් ගමන ආරම්භවිය.බස් රථයේ ඉදිරි වීදුරුවට ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික සටහන් පුවරුවෙහි නව ගමන් සංශෝදනය දැක්විනි. අතීතයේ සිටි කියවන්නෙකුගේ යහපත සදහා කරුනු කිහිපයක් මෙසේ සටහන් කරමි.මේ වන විට මාර්ගය හා එහි ගමන් කරන වාහන මෙන්ම පදිකයන් යනු … දිගටම That Minisa කියවන්න